දශක දෙකකට පසු අද විවෘත වන රාජකීය සොහොන් ගැබ !

Date:

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු අද පැවැත්වෙනවා. රාජකීය අවමගුල සඳහා සහභාගි වීමට මේ වනවිටත් විදෙස් රාජ්‍ය නායකයන්, රාජකීය අමුත්තන්, රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් රැසක් මේ වනවිටත් ලන්ඩන් නගරය වෙත පැමිණ සිටී.

ඊයේ දිනයේදීද රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 15 කට අධික කාලයක් තිස්සේ ජනතාව පෝලිම්වල රැඳී සිටියේය. පෝලිම් තවදුරටත් දිගුවීම හා අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන්කර ඇති කාලය ක්‍රමයෙන් අවමවීම හේතුවෙන් තවදුරටත් පෝලිම්වලට එකතු නොවන ලෙස ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය රජයට සිදුවිය.

දෙවැනි එළිසබෙත් රැජිනගේ මුණුපුරන් ඊයේ සිය මිත්තනියට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි අතර රජ පවුලෙන් වෙන්ව සිටින හැරී කුමරුටද තාවකාලිකව හමුදා නිළ ඇඳුමින් සැරසීමට එහිදී අවස්ථාව හිමි විය.

ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු අද දිනයේදී විවෘත වනු ඇත. අවසන් වරට සොහොන් ගැබ විවෘත වූයේ එළිසබෙත් මහ රැජිනගේ මව් රැජිනගේ දේහය තැන්පත් කිරීම සඳහායි.

මව් රැජිනගේ දේහය මෙන්ම එළිසබෙත් රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ දේහයද මෙහි තැන්පත් කර තිබෙනවා.

මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු පසුගිය වසරේදී මියගිය නමුත් ඔහුගේ දේහය සොහොන් ගැබේ තැන්පත් කිරීම ප්‍රමාද කෙරිණි. පිලිප් කුමරුගේ දේහයද මහ රැජිනගේ දේහය සමග මිහිදන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව, මේ සඳහා සහභාගිවීමට අවසර හිමි වන්නේ මහ රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණි.

නාමිකව හෝ ලොව රටවල් විශාල ප්‍රමාණයක රාජ්‍ය නායකයා ලෙස වසර 70 කට අධික කාලයක් කටයුතු කළ දෙවැනි එළිසබෙත් රැජිනගේ පුරාවෘත්තය අද සිට ලෝක ඉතිහාසයට එක්වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...