මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම මම භාරගන්නවා. මම කියලා කියන්නේ ආණ්ඩුව තමා – අධිකරණ ඇමති හර්ෂණ

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙන දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි.

ඇත්තටම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම භාරගන්න වෙනවා.

දැන් තියෙන්නේ පසුතැවීමට වඩා මේක වුණේ කොහොමද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට කටයුතු කරලා තියෙනවා ද ? ගැටලුව ඇති වුණේ කොහොමද ? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොමද කියලා බලන එක. ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන ඉන්නවා.

සමහර වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.

මෙහි මියගිය පවුල්වලට අපි පළකරන ශෝකය සහ කම්පනයේ අඩුවක් නෑ. ඔහු රැඳවියෙක් ද ඔහු පාතාලයේ ද කියන එක අපිට අදාළ නෑ.

මිනිස්සු මැරිලා තියෙනවා ඒ ගැන විශාල කම්පනයක් තියෙනවා‌. නොවිය යුතු දෙයක්. ඒ නිසා එහි වගකීම අධිකරණ ඇමතිවරයා වශයෙන්, මගේ අතේ තියෙන ආයතනයක් නිසා ඒක අපි භාරගන්නවා. භාරගෙන ප්‍රශ්නේ විසඳන්න ඕනේ.

මම කියලා කියන්නේ ආණ්ඩුව තමා. ඒකනේ මම වගකීම භාරගත්තේ, අධිකරණ ඇමතිවරයා වශයෙන්. සමස්ත ආණ්ඩුවම භාරගන්න ඕනේද කියලා මම දන්නේ නෑ. නමුත් අධිකරණ ඇමති විදියට මට භාරගන්න වෙනවා නේ”

හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇතිවූ ගැටුමෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් 100 පමණ පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. මෙම බන්ධනාගාරයෙහි ඊයේ දිනයේදී ද ගැටුමක් ඇතිව තිබුණු අතර එහිදී රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු පමණ තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ටොයෝටා සමාගම විසින් ඇමරිකා...

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...