පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට යලි විවෘත වෙයි

Date:

හෙට දිනයේ සිට මහජනතාවට පාර්ලිමේන්තු රැස්වීම් නැරඹීමේ අවස්ථාව හිමි වේ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ හෙට සිට මහජන ගැලරිය යළි විවෘත වන බවයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ ආරක්ෂක හේතු මත වසර දෙකක් පමණ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තිබිණි.

පාර්ලිමේන්තුව නැරඹීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමේ අවශ්‍යතාවය වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත දැනුම් දී තිබූ අතර එම කාරක සභාවේ එකඟතාවය මත යළිත් මහජනතාවට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වේ.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමි වේ.

පාසල් බලධාරීන්හට තම අයදුම්පත්‍ර www.parliament.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි අතර 011 2 777 473 හෝ 335 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කළ හැකි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ සංචාරකයින්ට එම පහසුකම ලබාදිය හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...