චීනයේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයින් වෙත චීන ජනපතිගෙන් ඇගයුම්!

කොළඹ LNW:චීනයේ උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ඊයේ(08) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී. චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වන ජාතික නියෝජිත සම්මේලනයේ දී හෙතෙම සම්මානලාභීන් වෙත සම්මාන ප්‍රදානය කරමින් වැදගත් දේශනයක් ද සිදු කළා.

15වන පස් අවුරුදු සැලසුම් කාලය, විද්‍යා තාක්ෂණයෙන් රට බලගැන්වීමේ වැදගත් අදියරක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා. ඓතිහාසික අවස්ථා ප්‍රයෝජනයට ගෙන නව යුගයේ අභියෝගවලට මුහුණ දෙමින් උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය ළඟා කර ගැනීම කඩිනම් කළ යුතු බවට ද ඔහු උපදෙස් දී තිබෙනවා.

වසර 2035 වන විට විද්‍යා තාක්ෂණික අංශයෙන් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉලක්කය කරා ස්ථිර ව ගමන් කරමින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයෙන් චීනයට ආවේණික නවීකරණය ප්‍රායෝගික ව ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළා.

මෙම උත්සවයේදී ෂී ජින්පිං මහතා, උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මානයට හිමිකම් කියූ චීන විද්‍යා ඇකඩමියේ භෞතික පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Chen Liquan මහතා සහ චීන ‍ඉලෙක්ට්‍රොනික් විද්‍යා තාක්ෂණ කණ්ඩායමේ 14වන පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Ben De මහතා වෙත සම්මාන පදක්කම් හා සහතික පත්‍ර පිරිනමා ඔවුන්ට සුබ පැතීම විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...