ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේම 04 වෙනි තැන – ලෝක බැංකුව කියයි

Date:

ආහාර උද්ධමනය ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 04 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. 2021 සැප්තැම්බර් – 2022 අගෝස්තු දක්වා කාලසීමාව තුළ රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

ලොව ඉහළම උද්ධමනයක් වාර්තා වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයෙනි. එරටින් 353% උද්ධමන අගයක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට වඩා වැඩි අගයක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ලෙබනනය හා වෙනිසියුලාවයි.

තුර්කිය, ඉරානය, ආජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව, රුවන්ඩාව පළමු ස්ථාන 10 අතර සිටින සෙසු රටවල් වේ.

ලෝක බැංකු වාර්තාවට අනුව මෙරට ආහාර උද්ධමන අගය 91% කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...