මීගමුව බන්ධනාගරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්!

කොළඹ LNW:ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව තිබෙන අතර එය අපරාධ ස්ථානයක් ලෙසද සැලකෙන හෙයින් එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද, විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.

දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බව ද එම නිවේදනයෙන් දක්වා ඇත.

ඒ හේතුනේ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් “මහමෝදර” සහ “පැරණි බෝගම්බර” පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...