බටහිර යුරෝපයේ අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

රෂිකා හෙන්නායක ජූලි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය ජූනි මාසයේදී බටහිර යුරෝපය පුරා බලපෑ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ දක්වා ජර්මනියේ තාපය ආශ්‍රිත මරණ 5,120ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ජුනි මස අගදී වාර්තා වී ඇත.

විශේෂයෙන්ම ජර්මනිය තුළ සිදුවූ මරණ 5000කට අධික සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් බව හඳුනාගෙන ඇත.

යුරෝපා සංගමයේ දේශගුණික දත්තවලට අනුව, ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම ජූනි මාසය මෙය වන අතර, එය මුළු කලාපයටම දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය වැනි අනෙකුත් රටවල් ද මෙම කාලය තුළ අසාමාන්‍ය මරණ අනුපාතයන් වාර්තා කර ඇත.

කාන්තාවන් සහ වැඩිහිටියන් මෙම කාලගුණ විපර්යාසයේ ප්‍රධාන ගොදුරු බවට පත්ව ඇති බවද වාර්තා වේ.

ප්‍රංශය, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය යන රටවල ජුනි 20-28 තාප තරංගය තුළ ජාතික බලධාරීන් 4,700කට වඩා අතිරික්ත මරණ ප්‍රමාණයක් වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...