ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට පැමිණීමට සූදානම් බව ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
2024 වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් ආරම්භ වූ විරෝධතා රැල්ලෙන් පසුව පසුගිය වසරේ අගෝස්තු 5 වනදා බංග්ලාදේශයෙන් පිටව ගිය හිටපු අගමැතිනි ෂෙයික් හසීනා නැවත සිය රටට පැමිණීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

78 හැවිරිදි ෂෙයික් හසීනා ජූලි 10 වැනිදා රොයිටර් පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ, සිය දේශපාලන පක්ෂය වන අවාමි ලීගයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ එක්ව නැවත බංග්ලාදේශයට පැමිණීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඉන්දියාවේ සිට දුරකථන මාර්ගයෙන් අදහස් දක්වමින් ඇය මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මම ආපසු පැමිණි විට ඔවුන් මාව අත්අඩංගුවට ගත හැකියි. ඔවුන් මාව මරා දැමීමට පවා ඉඩ තිබෙනවා. එහෙත් මට යා යුතුයි. මරණය පැමිණේ නම්, එය මගේම මව්බිමේදී සිදුවීමයි මගේ කැමැත්ත.”

2024 වසරේ රජයට එරෙහිව පැවති විරෝධතා මර්දනය කිරීමේදී සිදු වූ බව කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ෂෙයික් හසීනාට එරෙහිව ඩකාහි විශේෂ අධිකරණයක් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂෙයික් හසීනා වසර 20කට ආසන්න කාලයක් බංග්ලාදේශය පාලනය කළ අතර, එම කාලය තුළ රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීම සහ බංග්ලාදේශය ලෝකයේ ප්‍රධාන ඇඟලුම් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ඇයගේ පාලනය සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් බව විශ්ලේෂකයෝ සඳහන් කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...