සතියක් තුළ චීනයට බලපෑ දෙවන සුළි කුණාටුව ගොඩබිමට කඩා වදී

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගිය සති අන්තයේ දකුණු චීනයට බලපෑ මයිසැක් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් සතියක්වත් ගත නොවූ අවස්ථාවක, නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතට ඊයේ (11) රාත්‍රියේ බාවි සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදී තිබේ.

පැයට කිලෝමීටර් 144ක (පැයට සැතපුම් 89ක) උපරිම වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මිලියන 1.7කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව චීන බලධාරීහු පවසති. එමෙන්ම චීනයේ ජාතික කාලගුණ ඒජන්සිය විසින් තැඹිලි පැහැති ටයිෆූන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රට පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, දුම්රිය සේවා සීමා කර තිබේ. මීට අමතරව බොහෝ පාසල් වසා දමා ඇති අතර, තොටුපළ සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇත.

අධික වර්ෂාව, ප්‍රබල සුළං සහ ගංවතුර අවදානම හේතුවෙන් ජනතාව අවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත් චීන බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...