රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ LNW :
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් පිළිබඳව වාර්තා වේ.
ඒ, කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.25ක දක්ෂතාවක් දක්වමින් නෙත්මිකා මධුෂානි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ තරගාවලිය තුළ දැනට ලබාගෙන ඇති මුළු පදක්කම් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම පදක්කම් එකතුවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළත් වේ.


