මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්..

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

“මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් ළඟදීම” – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

අද (14) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා අනුකමිටුව කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් කාන්තා සහ ළමා විෂය ක්ශේත්‍රයට අදාළ තොරතුරු, ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට සමගාමීව මෙම කාන්තා සහ ළමා අනුකමිටු පිහිටුවීම සිදුවිය.

මෙම අනුකමිටුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ක්ශේත්‍ර නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මැදිහත් වන අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂාව පිළිබඳ වගකියනු ලබන ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ විශේෂ සංඛ්‍යා දත්ත සහ තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය නිලධාරීන්ගෙන් විමසූ අතර එහිදී හඳුනාගත් අඩුපාඩු සහ දත්ත මදිකම් පිළිබඳව සැළකිලිමත් වන ලෙස අමාත්‍යවරිය සියලු නිලධාරීන්ට අවධාරනය කළේය.

දිස්ත්‍රික්කය තුළ පවතින ක්ශේත්‍ර නිලධාරීන්ගේ පුරප්පාඩු පිළිබඳව සමාලෝචනය කෙරුණු අතර එම පුරප්පාඩු සපුරා ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමෙන් මැදිහත් වන බව එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව දැනට පරිවාස ගත කර සිටින දරුවන් අතුරින් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කළ හැකි ළමුන් පිළිබඳ වාර්තාවක් සකස් කර රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් එම දරුවන් නැවත සමාජගත වීමේ දී ස්වාධීන පුරවැසියන් බවට පත්කිරීමට කටයුතු කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් තුමිය වෙත දැනුම් දෙන ලදී

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ භාග්‍ය හේරත් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යලයන් හි විශය සමගාමී ක්ෂේත්‍ර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුව ඇතුළු කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන ආයතන වල නිලධාරීන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...