ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 10ක IRS නඩුවට ඇමරිකානු විනිසුරුවරියකගෙන් දැඩි විවේචනයක්

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අභ්‍යන්තර ආදායම් සේවය (IRS)ට එරෙහිව ගොනු කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක නඩුව “අනිසි අරමුණක් සඳහා ගොනු කළ නඩුවක්” බව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරු කැත්ලීන් විලියම්ස් තීන්දු කර තිබේ.

මෙම නඩුව ගොනු කර තිබුණේ ට්‍රම්ප්ගේ බදු තොරතුරු නීතිවිරෝධී ලෙස හෙළිදරව් වූ බව පවසමිනි. එහෙත් විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ නඩුව මගින් නීතිමය වාසියක් ලබාගැනීමට සහ අධිකරණ ක්‍රියාවලිය තමන්ගේ වාසියට යොදාගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඒ අනුව, ට්‍රම්ප්ගේ නීතිඥයන් සහ රජයේ නීතිඥයන් අතර ඇති කරගත් සමථ ගිවිසුම අධිකරණය අවලංගු කර ඇති අතර, එය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කළ නොහැකි බව ද නියෝග කර තිබේ.

එමෙන්ම, මෙම නඩුවට සම්බන්ධ ට්‍රම්ප්ගේ නීතිඥයන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෘත්තීය විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට ද විනිසුරුවරිය නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...