ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:විකල්ප ප්රතිපත්ති කේන්ද්රය ජූලි මාසයේ නිකුත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති ජනප්රසාදය 75.5%් ක් බව අනාවරණය වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට ඇති ජනප්රසාදය 29.4 ක් ලෙසයි එහි දැක්වෙන්නේ.
ජනාධිපතිවරයා කෙරෙහි මහජන තෘප්තිය ඉහළම මට්ටමක පවතින්නේ වතුකරයේ දෙමළ ජනතාව අතර 94.4% ක් සහ මුස්ලිම් ප්රජාව අතර 93.4% ක ජනප්රසාදයක් හිමිකරගෙන ඇති තත්ත්වයක් තුළ වන අතර සිංහල ප්රජාව අතර ජනාධිපතිවරයාට ඇති ප්රසාදය 69.9% ක් ලෙස වාර්තා වී ඇත.
විපක්ෂ නායකවරයා කෙරෙහි තෘප්තිය සියලු කණ්ඩායම් අතර සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.
මේ අතර කාර්යක්ෂම පාලනයක් සිදුකිරීම ජාතික ජන බලවේගයට ඇති හැකියාව පිළිබඳව තෘප්තිමත්භාවය පිළිබඳ කර ඇති විමසීමේදී ශ්රී ලාංකිකයන්ගෙන් බහුතරයක් (62.8%) ජාතික ජන බලවේගය රජයට කාර්යක්ෂම පාලනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව තෘප්තිමත් වන අතර 23.1% ක් අතෘප්තිමත් බව සංඛ්යා දත්ත පෙන්නුම් කර තිබේ.
එමෙන්ම මෙරට ජනතාවගෙන් 8.8% ක් තෘප්තිමත් වන්නේ හෝ අතෘප්තිමත් නොමැති බවද දැක්වෙයි.
පාස්කු ඉරු දින ප්රහාරයට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කා ඇත.
ඒ අනුව පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ දී සිදුවන විමර්ශන පිළිබදව මෙරට ජනතාවගෙන් අඩකට වඩා, එනම් 51.6% තෘප්තිමත් බවත් 32.4% ක් අතෘප්තිමත් බවත් අනාවරණය වී තිබේ.
සිංහල ප්රජාව සමඟ සැසඳීමේදී, මුස්ලිම් 73.3% ක් සහ මලෛයහ දෙමළ 72.2% ක් වශයෙන් මේ සම්බන්ධයෙන් ඉහළ තෘප්තිමත්භාවයක් දක්වා ඇත.
සිංහල ප්රජාව ඉහළම අතෘප්තිය 37.2% වාර්තා වී තිබේ.


