එස්.බී.ගේ සහෝදරයා ඇප මත මුදාහැරේ!

කොළඹ LNW:මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත නිදහස් කර තිබේ.

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/ (ලක්ෂ 275ක) මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියම කෙරුණි.

තවද සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...