රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මීගමුව මහ නගර සභාවේ නගරාධිපති ධුරය හෙබවූ රොබට් හීන්කෙන්ද මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී සිය තීරණය වෙනස් කරගත්තද, මෙවර ඔහු පෞද්ගලික හේතුවක් මත නිල වශයෙන් ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වේ. පසුගිය 15 වනදා මෙම තීරණය ගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව මීගමුව නගර සභාවේ ප්රධාන පරිපාලන තනතුරෙහි වෙනසක් සිදුවන බව පැහදිළි වේ.


