සටහන – රුවන් නෙළුගොල්ල
කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට ව්යාජ ඔප්පු සකස් කර විකිණීමට තැත්කළ බවට හිටපු අමාත්ය වූ මර්වින් සිල්වා, හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර ඇතුළු 06 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදීම ඊයේ (15) ගම්පහ මහාධිකරණයේදී සිදුකෙරිණි.
ඒ, ගම්පහ මහාධිකරණ අංක 02 විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරී පියසේන මහත්මිය විසින් හිටපු අමාත්ය මර්වින් සිල්වා, හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්රාල් හා සරත් එදිරිසිංහ යන එක් එක් විත්තිකරුට අධිචෝදනා පත්ර භාරදෙන ලදී.
ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් විත්තිකරු මුදාහැරීමට විනිසුරුවරිය නියම කළාය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් යැයි ඔවුන් අධිකරණය හමුවේ ප්රකාශ කළ අතර නඩුව සැප්තැම්බර් 01 වනදා දක්වා කල්තැබීමටත් අධිකරණය නියම කළේය.


