ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ජාත්යන්තර ක්රිකට් කවුන්සලය (ICC) නැවතත් අවධාරණය කර තිබේ.
ඒ, ඊයේ (15) එඩින්බර්ග් හි පැවති එම කවුන්සිලයේ වාර්ෂික අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ය.
නිවේදනයක් නිකුත් කරමින් ICCය සඳහන් කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පවත්වනතුරු ICC සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බවයි.
මීට පෙර ජුනි මාසයේදී පැවති ඔවුන්ගේ රැස්වීමට ද ශ්රී ලංකාව සහභාගී කරවාගෙන තිබුණේ නැත.


