ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් – ඇමෙරිකාව යළි ගුවන් ප්‍රහාර අරඹයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සහ එක්සත් ජනපදය අතර ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර,එක්සත් ජනපදය ඉරානයේ ප්‍රදේශ කිහිපයකට යළිත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ තෙල් නෞකාවකට Hellfire මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ දකුණු ප්‍රදේශවල පිහිටි හමුදා සහ නාවික ඉලක්ක රැසකට මෙම නව ප්‍රහාර එල්ල කර ඇති බවයි. කෙෂ්ම් දූපත, බන්ඩර් අබ්බාස් සහ චාබහාර් ආශ්‍රිත ප්‍රදේශවල පිපිරීම් ද වාර්තා වී ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය බහරේන් සහ කුවේට් රටවල ඇමරිකානු හමුදා කදවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර “ඉරානය හොඳින් හැසිරිය යුතුයි. එසේ නොකළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත” යනුවෙන් ප්‍රාකාශ කර ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම අර්බුදය ලෝක බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, ජාත්‍යන්තර නාවික ගමනාගමනය සහ ගෝලීය බොරතෙල් සැපයුම පිළිබඳව ද දැඩි අවිනිශ්චිතතාවක් මතුවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...