*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ජනතාවගෙ වියදමෙන් ගියේ මායි තව තුන්දෙනෙකුයි විතරයි – රනිල්ගෙන් නිවේදනයක්

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා විශාල පිරිසක් සමග එංගලන්තයට ගොස් ඇති බවට චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්ව තිබේ.

එල්ල වූ චෝදනා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බවයි නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

නිළ ආරාධනයකට අනුව රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වූ නිළ දූත පිරිසට, ජනාධිපතිවරයා හැර ඔහුගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහතා සහ ජනාධිපතිවරයාගේ නිළ වෛද්‍යවරයා පමණක් අයත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

ජනාධිපති ආර්යාව සංචාරයට සහභාගි වූයේ ඇයගේ පෞද්ගලික වියදමින් බවද නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

මීට අමතරව 19 වැනිදා පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරාව සමග හමුව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා එක්ව සිටි අතර, විජේවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටියදී අදාල සාකච්ඡාවට සම්බන්ධ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan