එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන අවසන් නෑ – නීතිපති අධිකරණයට දන්වයි

Date:

කොළඹ වරාය ආසන්න සාගර කලාපයේදී ගිනිගෙන ගිලුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

නෞකාව ගිනි ගැනීමේ සිදුවීමට අදාලව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැඳවා තිබූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විමර්ශනවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළේය.

පරීක්ෂණ අවසන් අදියරේ තිබෙන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම සලකා බැලූ දමිත් තොටවත්ත මහතා නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

මෙම නඩුවේ වගඋත්තකරුවන් ලෙස, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනෙකු නම්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...