සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි මුවෆ්ෆක් සල්ටි (Muwaffaq Salti) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර එල්ල කළ මිසයිල සහ ඩ්රෝන ප්රහාරයකින් ඇමරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් එක් හමුදා සාමාජිකයෙකු අතුරුදන්ව ඇති බව එක්සත් ජනපද මධ්යම අණදෙන මූලස්ථානය (CENTCOM) තහවුරු කර තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු තුවාල ලබා වෛද්ය ප්රතිකාර සඳහා යොමු කර ඇති බව ද සඳහන් වේ. වාර්තා අනුව, මෙය වත්මන් අර්බුදය ආරම්භ වූ පසු ඉරානය විසින් සෘජුවම එල්ල කළ ප්රහාරයකින් ඇමරිකානු හමුදා ජීවිතක්ෂයට පත් වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.
සිද්ධියෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අනුමැතිය මත ඇමරිකාව ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්රහාර මාලාවක් දියත් කර ඇති අතර එම ප්රහාර ඉරානයේ හමුදා හැකියාවන් දුර්වල කිරීම සහ හෝර්මුස් සමුද්ර සන්ධිය ආශ්රිත තර්ජන අවම කිරීම අරමුණු කර ගත් බව ඇමරිකානු නිලධාරීන් ප්රකාශ කර ඇත.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, කලාපීය යුද ගැටුම තවත් පුළුල් විය හැකි බවට ජාත්යන්තර අවධානය යොමුව තිබේ.

