පාකිස්තානයේ සිඳ් පළාතේ දරුවන් අතර HIV ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි ඇතුළු සිඳ් (Sindh) පළාතේ දරුවන් අතර HIV ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යාම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

නවතම වාර්තාවලට අනුව, දරුවන් බහුතරයක් ඇතුළුව පුද්ගලයින් 130කට වැඩි පිරිසක් මෙලෙස HIV ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතු ලෙස එකම සිරින්ජය නැවත නැවත භාවිත කිරීම, නිසි ලෙස විෂබීජහරණය නොකළ වෛද්‍ය උපකරණ භාවිත කිරීම, රෝහල්වල ආසාදන පාලන ක්‍රමවේද දුර්වල වීම සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් නිසි ලෙස අනුගමනය නොකිරීම මෙලෙස ආසාදිතයන් ඉහල යාමට බලපාන්නට ඇති බවයි.

එමෙන්ම වෛද්‍ය අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සහ සෞඛ්‍ය පද්ධතියේ අධීක්ෂණ හා නියාමන දුර්වලතා හේතුවෙන් අනාරක්ෂිත වෛද්‍ය ක්‍රියාකාරකම් දිගු කාලයක් හඳුනා නොගැනීම ද මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන් වේ.

මෙය සිඳ් පළාතේ වාර්තා වූ පළමු HIV ව්‍යාප්තිය නොවේ. 2019 වසරේ ලර්කානා දිස්ත්‍රික්කයේ රටෝදේරෝ (Ratodero) ප්‍රදේශයේ ද දරුවන් අතර විශාල HIV ව්‍යාප්තියක් වාර්තා වූ අතර, එහිදී ද ප්‍රධාන හේතුව ලෙස අනාරක්ෂිත වෛද්‍ය ක්‍රමවේද හඳුනාගෙන තිබිණි.

එම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවර ගෙන තිබුණද, වසර කිහිපයකට පසු නැවතත් මෙවැනි ව්‍යාප්තියක් වාර්තා වීම පාකිස්තානයේ සෞඛ්‍ය පද්ධතියේ පද්ධතිමය දුර්වලතා තවදුරටත් පවතින බවට සාක්ෂියක් බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...