පේරුවේ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 6 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් පේරුවේ මධ්‍යම ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය පේරුවේ ජුනින් (Junín) කලාපයේ සිකායා (Sicaya) නගරය ආසන්නයේ පිහිටා තිබූ අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් සිදුව තිබේ.

කම්පනය හේතුවෙන් නිවාස රැසක් සහ පැරණි ආගමික ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවී සිටිය හැකි පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. බොහෝ නිවාස මැටි ගඩොල් (adobe) යොදා ඉදිකර තිබීම නිසා හානිය තවත් උග්‍ර වී ඇති අතර නිවාස හා ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් අවතැන් වී ඇත.

පේරුව පිහිටා ඇත්තේ ලොව භූමිකම්පා බහුලව සිදුවන පැසිෆික් “Ring of Fire” කලාපයේ වන අතර, එම හේතුවෙන් එරට නිරන්තරයෙන් ප්‍රබල භූකම්පනවලට මුහුණ දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...