කුරුම්බා මදවලින් වේල පිරිමසා ගන්නා පාසල් දරුවෝ !

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගෙන් බහුතරයකට එදිනෙදා තුන්වේල පිරිමසා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මින් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන්නේ පාසල් දරුවන්ය.

ඇතැම් දරුවන්ට උදෑසන නිරාහාරව පාසල් යාමට සිදුව ඇති අතර ඔවුන්ට පාසලේදී ආහාරයට ගැනීමට යමක් සපයා දීමේ දුෂ්කරතාවයට දෙමාපියන් මුහුණ දී සිටී.

කොළඹ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් කුසගින්න ඉවසා ගත නොහැකිව විහාරස්ථානයක බුද්ධ පූජාව හොරෙන් කා ඇති බවද පසුගිය දිනවලදී වාර්තා විය.

කෙසේ නමුත් සෞඛ්‍ය ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මාධ්‍යවලින් උලුප්පා පෙන්වන තරම් අර්බුදයක් පාසල් සිසුන්ට නොමැති බවයි. හුදෙකලා එක් සිදුවීමකින් සමස්තයම විග්‍රහ කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වන්නේ එක් සිසුවියක් දිවා ආහාරය සඳහා කුරුම්බා මත රැගෙන විත් සිටි බවයි.

09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක්ද වන ඉගෙනීමට දක්ෂ සිසුවියකි.

දරුවන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ඇයගේ පවුලේ පියා දෛනිකව කුළී වැඩවල නිරතවීමෙන් සිය පවුල නඩත්තු කරන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත අදාල පාසලේ ගුරු භවතුන් විසින් දිනපතා කෑම පාර්සල් කිහිපයක් පාසලට රැගෙන ගොස් දිවා ආහාරය නොමැතිව පාසලට පැමිණෙන දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට බොහෝ පාසල්වල උදෑසන රැස්වීමේදී දරුවන් කිහිප දෙනෙකු ක්ලාන්තව ඇදවැටීම සුලබ දසුනක් වී තිබෙනවා. මේ නිසා ඇතැම් පාසල්වල උදෑසන රැස්වීම නොපැවැත්වීමටද පාසල් බළධාරීන් පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කොතෙකුත් පුවත් වාර්තා වුවද විපක්ෂ දේශපාලන කණ්ඩායම්, ගුරු වෘත්තීය සමිති කොතෙකුත් පෙන්වා දුන්නද මැති ඇමතිවරුන් පවසන්නේ උලුප්පා දක්වන හුදෙකලා සිදුවීම් කිහිපයක් හැර ආහාර සම්බන්ධයෙන් පාසල්වල බරපතල ගැටලුවක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...