ඇමරිකාව සහ සෞදි අරාබිය අතර සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර සිවිල් න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් නව ගිවිසුමකට අත්සන් තබා ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට අනුව, ජූලි 22 වනදා අත්සන් කරන ලද මෙම ගිවිසුම මඟින් දෙරට අතර වාණිජ සහ තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුම 1954 වසරේ එක්සත් ජනපද පරමාණුක බලශක්ති පනතේ (Atomic Energy Act) 123 වන වගන්තිය යටතේ ඇති වන ඊනියා “123 Agreement” එකක් ලෙස ක්‍රියාත්මක වන අතර, එමඟින් න්‍යෂ්ටික තාක්ෂණය, ද්‍රව්‍ය සහ උපකරණ සාමකාමී අරමුණු සඳහා හුවමාරු කිරීම සඳහා නීතිමය රාමුවක් සපයයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත්තේ මෙම ගිවිසුම මඟින් සෞදි අරාබියට එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික ඉන්ධන ආනයනය කිරීම පමණක් නොව, රට තුළම යුරේනියම් පොහොසත් කිරීමේ (Uranium Enrichment) හැකියාවද ලබාදිය හැකි බවයි.

එවැනි විධිවිධාන ඇතුළත් වුවහොත්, එය මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මෙම ගිවිසුම පිළිබඳ සම්පූර්ණ විස්තර තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර, ඉදිරි දිනවලදී ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු නිකුත් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...