රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :
2026 ජූලි 20 වන දින NSBM හරිත සරසවියේ ඉංජිනේරු පීඨයේ මූලික පාඨමාලා සිසුන් විසින් සංවිධානය කරන ලද “Physics Odyssey 25.3” ප්‍රදර්ශනය සාර්ථකව පවත්වා ඇත.
මෙම සුවිශේෂී උළෙල මගින් වියුක්ත භෞතික විද්‍යා න්‍යායන් ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් සහ යාන්ත්‍රණ බවට පරිවර්තනය කරන ආකාරය මැනවින් ප්‍රදර්ශනය කෙරිණි.

පීඨාධිපතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව, තරුණ ඉංජිනේරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමට මනා පිටුවහලක් විය.

අනාගත තාක්ෂණය හැඩගැස්වීමෙහිලා භෞතික විද්‍යාවේ පවතින වැදගත්කම අවධාරණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක් වූ බව පෙනී යයි.
පෙළපොතේ දැනුම සැබෑ ලෝකයේ භාවිතයන් සමඟ සම්බන්ධ කිරීමට ශිෂ්‍ය නිර්මාණ මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කළේය.



