වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 ජූලි 24 වනදා (හෙට) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.
ලංකා සතොස ආයතනය විසින් නිකුත් කළ නිවේදනයද මේ සමඟ යොමු කර ඇත.



