වත්තල වෙඩිතැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට !

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙම ප්‍රහාරය ‘කුඩු රොෂාන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූවක් බව විමර්ශනවලදී හෙළි වී ඇත.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරයෙන් ඉලක්කය වැරදී වෙනත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

සැකකරුවන් හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...