කොළඹ LNW:යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්ට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද (24) වරෙන්තු නිකුත් කර තිබේ.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්රීවරයාට එලෙස වරෙන්තු නිකුත් කර ඇත.
නඩුව අද (24) දින කැඳවා තිබුණ නමුත් මන්ත්රීවරයා සහ ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට නැත.


