IMF කුමන්ත්‍රණය කරන්නේ අපේ රාජ්‍ය බැංකු වට්ටලා රාජ්‍යය බෙලහීන කරන්නයි – විමල්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගියහොත් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් තුනක් කඩාවැටෙනු ඇති බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මොනවාටද එකඟ වුණේ ? අපි දන්න විදියට එක කොන්දේසියක් තමයි ජාත්‍යන්තර ණය විතරක් නෙවෙයි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕනෙ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න කියන්නෙ මොකටද ? දේශීය වශයෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් රාජ්‍ය බැංකු දෙක තුනක් කඩාගෙන වැටෙනවා, අපේ වෙනත් රාජ්‍ය අරමුදල් කඩාගෙන වැටෙනවා. ලංකාවේ ආර්ථිකය මෙතෙක් දුරට හෝ පවත්වාගෙන එන්න පුළුවන් වුණේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු ටික රාජ්‍ය ආයතන විදියට පවත්වාගෙන ආපු නිසා. දැන් මේ රාජ්‍ය බැංකු ටිකත් වැට්ටුවාම, ඒවාත් පුද්ගලීකරණය කළාම රජය කියන්නේ අන්ත අසරණ වෙච්ච ආයතනයක්. රජයට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැතිවෙනවා. නව ලිබරල්වාදයෙන් කියන්නේ රාජ්‍ය බෙලහීන කිරීම තමයි. දැන් ඔය හර්ෂලා ඔක්කොමලා කිව්වානෙ IMF දොස්තර ගාවටම යන්න කියලා. දැන් එයා බෙහෙත් දෙන්නෙත් නෑ, නොදෙන්නෙත් නෑ. ඒ අතරේ ලෙඩා මළත් බඩ සුද්දයි වර්ගයේ ප්‍රතිකර්මත් කරනවා”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...