රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :
ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදල විසින් 2024/25 අධ්යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්යත්වය සඳහා වන අවසාන තේරීම් ලේඛනය අදාළ විශ්වවිද්යාල වෙත යොමු කර ඇති බව සියලුම සිසුන් වෙත දැනුම් දෙනු ලැබේ.
අවසාන තේරීම් ලේඛනයේ නම ඇතුළත් සිසුන් 2026 අගෝස්තු 17 දිනට පෙර https://mahapola.lk/BankApp2025/ වෙබ් අඩවියට පිවිස, සිය ජාතික හැඳුනුම්පත් අංකය (NIC) භාවිතයෙන් මාර්ගගතව (Online) ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුයි.
මාර්ගගත ලියාපදිංචිය 2026 අගෝස්තු 17 වනදායින් අවසන් වේ.
තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්යාලය මගින් විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවද ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදල දැනුම් දෙයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදලේ සභාපති විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසින් නිකුත් කළ නිවේදනය ද මේ සමඟ යොමු කර ඇත.


