වේදනාත්මක ප්‍රතිසංස්කරණ ඇරඹුණා. අමාරු කාලයක් පසුකරන්න වෙයි – මහබැංකු අධිපති

Date:

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප නැවතත් ආර්ථික ස්ථායීතාව ඇතිකර ගනිමින් ණය තිරසරභාවය කරා පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් අපේ ණය හිමියන්ටත් පෙන්වා දිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“අපට අමාරු කාලයක් ගත කරන්න සිදුවෙනවා. අපේ ආර්ථිකය දැන් සංකෝචනය වෙමින් තියෙන්නේ. අපි ඊට පුරුදු විය යුතුයි. අපි අපේ ආනයන අඩු කරගෙන අපේ අපනයන ආදායම සමග කළමනාකරණය කරගත යුතුයි. ඒ වගේම ඉහළ පොළී අනුපාතික පවත්වාගෙන යාම, ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කිරීම වගේම මෙම අර්බුදයෙන් වඩාත් බලපෑමට ලක්වූ ජන කොටස් ආරක්ෂා කරගැනීමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අනෙක් අයට යම් වේදනාවක් බෙදාගැනීමට සිදුවෙයි මේ කාලසීමාව තුළ. ඒ වේදනාව යම් පමණකින් හෝ කළමනාකරණය කරගැනීමට තමයි අපි බොහෝ දුෂ්කර ආර්ථික තීරණවලට එළඹුණේ. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණොත් අපට ආර්ථික වශයෙන් ස්ථායී වීමට හැකි බව මට විශ්වාසයි. ඒ වගේම ඔබටත් සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් වලට ක්‍රමිකව ආපසු යාමට හැකිවේවි. ඒ වගේම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට හැකිවෙනවා වගේම අපි මීට පෙර සිටි තත්වයට ආපසු යන්න හැකිවේවි. නමුත් එය කතාවේ අවසානය නොවන බව සිහිතබාගත යුතුයි”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (20) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...