ජනපති අනුරගේ ජනප්‍රියත්වයේ රහස !

උපාලි කොළඹගේ

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිිසානායකට මේ ර⁣ටේ මිනිස්සු 75%ක් තවමත් ඇලුම් කරන බව මෑතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වුණා. මේ ගැන විවිධ කට කතා පැතිරුණත් එය නිශ්චිත නියැදි පරීක්ෂාවක් අනුව සිදුවූවක් බවයි බැලූ බැල්මටම පෙණෙන්නෙ.

මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවූවක්ය යන්න මගේද විශ්වාසයයි. අපේ රටේ ජනගහනයට සාපේක්ෂව අතිවිශාල ජනගහනයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපදයේ පවා බොහෝ සමීක්ෂණ සිදුවන්නේ පුද්ගලයන් දාහක් හමාරකගේ මතය විමසීමෙන්. ජනාධිපති අනුරගේ ජනප්‍රියත්වය උරගා බැලීමේදී ඊට පුද්ගලයන් දෙදාස් ගණනක් යොදාගත් බවය වාර්තා වන්නේ. ඔවුන් විවිධ ප්‍රදේශවල ජීවත් වන නොයෙකුත් තරාතිරම්වල තරුණ, මැද හා මහලු අය. කුලය පිළිබඳවද සමීක්ෂකයන් සැලකිලිමත් වූ බවය වාර්තා වන්නේ .

අන්තෝ ජටා බහි ජටා. ඇතුළතත් ගැට පිටතත් ගැට. ජීවන වියදම නහුතයට නැග ඇති මේ අවස්ථාවේ රටෙි පරිපාලන නියමුවා වන අනුර කුමාර දිසානායක තවමත් මෙතරම් ජනප්‍රිය ඇයි ? රටෙි වැඩිපුර ඉන්නේ බත්කන ගොනුන් නිසා ද? නැත්නම් වෙනත් විශේෂ හේතුවක් නිසා දැයි යන ප්‍රශ්න රාශියක් මේ මගින් පැනනැගේ.

ඊට බොහෝ හේතු තිබිය හැක. එහෙත් මගේ නම් අදහස ඊට බලපා තිබෙන ප්‍රධානම කරුණ ඔහු කෙරේ මේ රටෙි ජනතාව තබා ඇති විශ්වාසයයි. එහෙත් එය හෙට වෙනස් විය හැක. මෝදු වෙමින් තිබෙන ජනතා මතය ප්‍රචණ්ඩ කුණාටුවක් බවට පත් වීමට ගතවන්නේ ද ඉතා සුළු කාලයකි. මේ යථාර්ථය ආණ්ඩුවට හිතවත් ඇච්චන් බැච්චන් මෙන්ම මහ පුටුවල ඉන්න අලි ඔළු ද හොඳින් වටහා ගත යුතුය. මේ ආණ්ඩුව කවදාවත් පෙරළන්න බෑ. වෙන පක්ෂයක් ආයි කවදාවත් බලයට එන්නෙ නෑ වැනි මෝඩ කතා කියමින් ස්වයං වින්දනයක් ලබන උන්දැලා මේ ගැන සිතා බැලිය යුතුය. මෝඩ චූන් කාරයන් නිසා ආණ්ඩුව ට අනර්ථයක් සිදු වනවා මිස එහි යහ පැවැත්මට කිසිදු අනුබලයක් ලැබෙන්නේ නෑ.

කොහොම වුණත් මගේ පෞද්ගලික අදහස නම් අනුර කුමාරගේ ජනප්‍රියත්වයට බලපා ඇති විශේෂිතම හේතුව නම් ඔහු තුළ පවත්නා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවයි. මෙය අපට හුරු සාමාන්‍ය වචනයෙන් කිව්වොත් අනුර කුමාර සාම්ප්‍රදායික ජෙප්පෙක් නොවීමයි. නැත්නම් ඔහු හණමිටි කරගහ ගත් පැරණි සම්ප්‍රදායේ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයකු නොවීමයි. අනුර නම්‍යශීලී පුද්ගලයකු බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අනුර කුමාරගේ සමාජ ආකර්ෂණීයට මෙම කරුණ විශේෂයෙන් බලපා ඇති බවද සඳහන් කළ යුතුය. නමුත් අශ්වයා පැන යනතුරු ඉස්තාලය වසා නොදැමීමේ දුබලකම නම් අනුර සතුව ඇති එක් ප්‍රධාන දුර්ගුණයකි.

අනුරගේ හා ආණ්ඩුවේ ජනප්‍රියත්වය රඳා පවත්නා අනිත් ශක්තිමත්ම පවුර නම් ජාතික ධනය කොල්ල කෑ තක්කඩින් පසුපස වේගයෙන් හඹා යෑමය. එහෙත් මෙහිදී පසුගිය ආණ්ඩුවල දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැක. ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන් ද මීට හරි හරියට වග කිව යුතුය. මේ අයගෙන් බොහෝ දෙනකු තවමත් මහ පුටුවල අරක් ගෙන සිටීම ඉතාමත් අභාග්‍ය සම්පන්නය. කැළය මාරු වුවද කොටියා ගේ පුල්ලි මාරු වන්නේ නැත. රාජ්‍ය මුදල් තවමත් අවභාවිත වන්නේ මේනිසාය.

රාජ්‍ය නිලධාරීන් උරච්චි කර බැලිය නොහැකි වුවත් අමාත්‍යවරුන් ඒ ඒ විෂයයන් පිළිබඳව හසළ දැනුම ඇත්තේ නම් මේ තත්ත්වය බොහෝ දුරට මඟහරවා ගත හැකිය.

උද්දච්චකම හා කයිවාරුව තිබූ පමණින්ම යහපාලනය ස්ථාපිත කළ නොහැක. මේ කරු⁣ණේ දී නම් බොහෝ ඇමතිවරු අසමත්ය. ආධුනිකකමද මේ කරුණේ දී බෙහෙවින් බලපාන බව සඳහන් කළ යුතුය.

අනුර සීරුමාරුවට මේ ගමන යමු. හැබැයි හැමදාම බමරය වැල්ලේ කැරකෙන්නේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...

“කුමන දෙයක් සිදු වුවද” ශ්‍රී ලංකාව කිසි දිනක තනිකර නොදමන බව චීනය පවසයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආසියාවේ භූ-දේශපාලනික භූමිය...

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...