පාකිස්තානයේ ආරක්ෂක මුරපොළකට එල්ල වූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වයඹදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) පළාතේ ටෑන්ක් (Tank) දිස්ත්‍රික්කයේ ආරක්ෂක මුරපොළක් ඉලක්ක කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රහාරකයන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වාර්තා අනුව, පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් ආරක්ෂක මුරපොළට බලහත්කාරයෙන් ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති අතර, එම පිපිරීමෙන් විශාල විනාශයක් සිදුව තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය (TTP) භාරගෙන ඇති අතර, ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු සම්බන්ධ වූ බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීම වයඹදිග පාකිස්තානය තුළ ආරක්ෂක හමුදා, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන පසුගිය කාලයේ සිට අඛණ්ඩව එල්ල වන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය ලෙස සැලකෙන අතර කයිබර් පක්තුන්ක්වා පළාත තුළ ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, අසල්වැසි බන්නු (Bannu) දිස්ත්‍රික්කයේද පසුගිය සතිය තුළ පොලිසිය ඉලක්ක කරගත් ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර රැසක් වාර්තා වී තිබේ.

පර්යේෂණ හා ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CRSS) දත්ත වාර්තා අනුව, 2024 වසරේ 1,620ක් ලෙස සටහන් වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව පසුගිය වසරේදී 2,331 දක්වා ඉහළ ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය ලබාදෙන බවට පාකිස්තානය දිගු කලක් තිස්සේ ඇෆ්ගනිස්ථානයට චෝදනා එල්ල කර තිබේ. කෙසේ වෙතත්, ඇෆ්ගන් තලේබාන් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, පාකිස්තානය තුළ සිදුවන ආරක්ෂක ගැටලු එරටේ අභ්‍යන්තර කාරණා බව අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...