ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:මේ වන විට එල්- නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇති අතර එහි බලපෑම මධ්යස්ථ තත්ත්වයක් කරා පැමිණ තිබෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
එල්- නිනෝ තත්ත්වය හමුවේ වැසි රටාවේ වෙනසක් සිදුවිය හැකි අතර අඛණ්ඩ වර්ෂාවක් හෝ අඛණ්ඩ වැසි රහිත තත්ත්වයක් හෝ එල්- නිනෝ තත්ත්වයේදී දැක ගත නොහැකි අතර මෙය මාස 10ත් 12ත් අතර කාලයක් පවතිනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ශ්රී ලංකාවට මෙහි වැඩිම බලපෑම සිදුවන්නේ ලබන වසරේ බවද විජේමාන්න මහතා කියා සිටියි.
ඒ අනුව මෙය අති ප්රබල එල්- නිනෝවක් වුවහොත් ලබන වසරේ මුල් කාර්තුවේ වර්ෂාව අඩු වීමත්, නියගය වැනි තත්ත්වයකට වුවද මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
”එල්- නිනෝවක් අවස්ථා 4කට වර්ගීකරණය කරනවා. ඒක දුර්වල එල් නිනෝවක් වෙන්න පුළුවන්, නැත්නම් මධ්යස්ථ එකක් වෙන්න පුළුවන්, ප්රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්, අති ප්රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දුර්වල එල් නිනෝවේ සිට මධ්යස්ථ මට්ටමට වර්ධනය වෙමින් පවතින එල් නිනෝවක. මේ වෙනකොට ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවලට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් පටන් අරන් තියෙන්නේ. මධ්යස්ත මට්ටමක අපි දැන් ඉන්නේ. අති ප්රබල එල්නිනෝවක් වුනොත් එහි බලපෑම වැඩියි. පසුගිය වසර 75 ගත්තොත් දුර්වල එල්නිනෝ ගොඩක් ඇවිල්ලා තියෙනවා. අති ප්රබල එල්නිනෝ ඇවිත් තියෙන්නේ තුනයි. ප්රබල එල්නිනෝ හයක් ඇවිත් තිබෙනවා. මේ එල්නිනෝව අති ප්රබල වීමට 80%කට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ගෝලීය පුරෝකථනත් එක්ක කියන්නේ. දුර්වල මට්ටමේ පැවතීමට ඇති ඉඩ කඩ 20% වැනි ප්රමාණය. මේ එල් නිනෝවක් ගිය මාසේ ඇවිත් ලබන මාසේ ඉවර වෙන්නේ නෑ. මේක ඇත්තටම ගත්තොත් මාස 10-12ක් අවුරුද්දක් දක්වා තියෙන්න පුළුවන්. අපි හිතනවා ලබන මාර්තු අප්රේල් දක්වා එල්නිනෝ තත්ත්වය පවතීවි කියල. මේ සංසිද්ධිය නිසා දිගටම පායන්නෙත් නැහැ. දිගටම වහින්නේත් නැහැ.ලංකාව වගේ රටක වෙන්නේ අපේ මෝසමේ හැසිරීම බලපෑමක් වීම. ජූලි මාසේ අන්තිම සතියේ අපි ඉන්නේ. මේ දින කිහිපයේ අපි වැස්ස තරමක් වැඩි වීමක් බලාපොරොත්තු වෙනවා. ලබන මාසෙත් මුල වැසි තරමක් බලාපොරොත්තු වෙනවා නිරිත දිග පැත්තට. අනික් ප්රදේශවලට වැසි අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවලත් ඇඟට දැනෙන උෂ්ණත්වයක් පවතිනවා. ඉදිරියේදී වැසි අඩුවේවි.අගෝස්තු මාසයේ වැස්ස ගොඩක් අඩුවේවි. කෙසේවෙතත් ඔක්තෝම්බර් නොවැම්බර් සාමාන්ය වැස්සට වඩා වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවා. සමහර විට ගංවතුර දක්වා වර්ධනය වෙන්න පුළුවන්.” යනුවෙන් අජිත් විජේමාන්න මහතා තවදුරටත් ප්රකාශ කරයි.


