ස්පෙෂලිස්ට්ලා 9% යි විශ්‍රාම යන්නෙ, ඒක අපි ධනාත්මකව ගන්නවා – කෙහෙළිය

Date:

මෙම වසර අවසානයේදී වයස අවුරුදු 60 ඉක්මවූ සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක ගැටලු මතුවන බව විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙය දැඩි බලපෑමක් වනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් එකවර විශ්‍රාම ගැනීම හේතුවෙන් මතුවන අර්බුදය සඳහා ගන්නා විසඳුම් මොනවාදැයි ඔහු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ අතර ඔහු සඳහන් කළේ මෙම වසර අවසානයේදී විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 222 ක් බවයි. මීට අමතරව පරිපාලන වෛද්‍ය නිළධාරීන් 27 ක්ද විශ්‍රාම යාමට නියමිත බව අමාත්‍යවරයා පවසනවා.

රෝහල් පද්ධතිය තුළ සිටින විශේෂඥ වෛද්‍වරුන් 2278 දෙනාගෙන් 09% ක පමණ ප්‍රමාණයක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යන බැවින් එය සෞඛය ක්ෂේත්‍රයට එතරම් බලපෑමක් නොවන බවත්, ඒ තුළින් තරුණ වෛද්‍යවරුන්ට ධනාත්මක බලපෑමක් සිදුවන බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...

අද තරගයට චාමික…?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ...

නව නියෝජ්‍ය පොලිස්පතිවරු 35ක් පත්වෙයි. සිව් දෙනෙක් කාන්තා නිලධාරිනියන්!

කොළඹ LNW:ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්‍රියන්ත...

අම්මගෙ රටට ගහන ටේලර්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: නවසීලන්ත පුරාවෘත්තයක් සහ ICC...