සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ විදේශිකයන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ විරෝධතා මාස කිහිපයක් තිස්සේ උත්සන්න වෙමින් පවතින අතර, පහරදීම්, කොල්ලකෑම් සහ බියගැන්වීම් හේතුවෙන් දහස් ගණනක් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් තම නිවාස සහ ව්‍යාපාර අත්හැර පලා ගොස් ඇති බව වාර්තා වේ.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ නීතිවිරෝධී ලෙස රට තුළ රැඳී සිටින විදේශිකයන් වහාම දකුණු අප්‍රිකාවෙන් පිටව යා යුතු බවයි. ඔවුන් පවසන්නේ විදේශිකයන් රැකියා, ව්‍යාපාර සහ සීමිත රාජ්‍ය සම්පත් අත්පත් කරගෙන සිටින බවයි.
කෙසේවෙතත්, මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමින් සඳහන් කරන්නේ, නීත්‍යානුකූලව රටේ රැඳී සිටින පුද්ගලයින් පවා පහරදීම්, කොල්ලකෑම් සහ තර්ජනවලට ලක්වන බව ප්‍රකාශ කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුනේ මෙම තත්වය විදේශිකයන්ට එරෙහි වෛරය (xenophobia) තවදුරටත් වර්ධනය කරන තත්ත්වයක් බවයි.
ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් ව්‍යාපාර රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, බොහෝ පවුල් ආරක්ෂිත නවාතැන් සොයා වෙනත් ප්‍රදේශවලට හෝ අසල්වැසි රටවලට පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකානු ආරක්ෂක අංශ අතිරේක පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව රජය ප්‍රකාශ කර තිබේ. එහෙත් විවේචකයන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස ආගමන ප්‍රතිපත්ති සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

