ගෝලීය බොරතෙල් මිල පහළට: ඇමරිකා-ඉරාන සබඳතාවල නව බලාපොරොත්තුවක්

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කරමින් ඇමරිකාව සහ ඉරානය නව ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 5 කින් පමණ පහත වැටී ඇත.

රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් පිළිබඳ බලාපොරොත්තු ඉහළ යාම නිසා බ්‍රෙන්ට් (Brent) සහ ඩබ්ලිව්.ටී.අයි (WTI) යන තෙල් මිල දර්ශක දෙකම මාසයකට පසු සිය අවම අගයන් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය තවමත් සීමා වී ඇති අතර මැදපෙරදිග දේශපාලන අස්ථාවරත්වය වෙළඳපොළ කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කරයි.

වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ සාමකාමී සාකච්ඡා හරහා තෙල් සැපයුම් මාර්ග යථා තත්ත්වයට පත්වනු ඇති බවට ආයෝජකයින් සුබවාදීව පසුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...