සුපිලිපන් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් අපගේ උපරිම දායකත්ව ලබාදෙනවා – ඇමතිනී පෝල්රාජ්

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

රාජ්‍ය සේවය වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ප්‍රකාශයට පත්කළ ජාතික සුපිළිපන් සතිය අද (27) දින ඇරඹිණි.
ඒ වෙනුවෙන් ප්‍රතිඥාවක් නිකුත් කරමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කර සිටියේ
“කාන්තාවන් සහ දරුවන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින අමාත්‍යාංශය ලෙස සුපිලිපන් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් අපගේ උපරිම දායකත්ව ලබාදෙනවා.”
යනුවෙනි.
එතුමිය විසින් නිකුත් කළ ප්‍රතිඥාව


“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ අද (27) ආරම්භ වන ජාතික සුපිලිපන් සතිය හරහා රාජ්‍ය සේවය වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, කාන්තා හා ළමා ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේදී රාජ්‍ය සේවයේ මෙම සුපිලිපන්භාවය අතිශයින්ම තීරණාත්මක වේ.
ළමා අපචාර, ගෘහස්ථ හිංසන හෝ කාන්තාවන්ට එරෙහි පීඩාවන් වැනි අතිශයින් සංවේදී ගැටලු සඳහා රාජ්‍ය සේවකයන් මැදිහත් වීමේදී කිසිදු ප්‍රමාදයකින් තොරව, හෘද සාක්ෂියට එකඟව සහ උපරිම ස්වයං විනයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර, වින්දිතයන් වන කාන්තාවන් සහ දරුවන් තවදුරටත් අපහසුතාවට පත් නොවී රහස්‍යභාවය හා ගෞරවය සුරැකෙන අයුරින් සේවය සැලසීම අපගේ මූලික වගකීමකි.
එසේම, ළමා සංවර්ධන මධ්‍යස්ථාන, කාන්තා රැකවරණ මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය හා පරිපාලනමය විනිවිදභාවය අඛණ්ඩව පවත්වා ගනිමින්, කිසිදු බාහිර බලපෑමකට හෝ දූෂණයකට ඉඩ නොදී පීඩාවට පත් පාර්ශ්වයන් සහ ප්‍රතිලාභ අපේක්ෂකයන් වෙනුවෙන් අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීමට මහජන නියෝජිතයන් ලෙස අපද ඇතුළුව රාජ්‍ය සේවකයන්ද බැඳී සිටින බැවින්, මෙම ජාතික මෙහෙයුමට කාන්තා හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අමාත්‍යාංශයක් ලෙස අපගේ පූර්ණ දායකත්වය ලබාදීමට කටයුතු කරන්නෙමු.
-සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...