එක්සත් ජනපද – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය 2026

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව හයවන වරටත් පවත්වනු ලබන ‘CARAT’ ඒකාබද්ධ නාවික අභ්‍යාසයට අනුව, දෙරටේ නාවික සහ ගුවන් හමුදා එක්ව පවත්වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සාගර කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ හදිසි ආපදා කළමනාකරණය සඳහා ඇති සූදානම වර්ධනය කර ගැනීමයි.

මෙහිදී දෙරටේ ආරක්ෂක අංශ සාමාජිකයින් මුහුදු මංකොල්ලකෑම් මර්දනය, පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සහ වෛද්‍ය ආධාර සැපයීම වැනි ප්‍රායෝගික පුහුණුවීම්වල නිරත වනු ඇත.

මෙම අභ්‍යාසය සඳහා දෙරටේ නවීන නිරීක්ෂණ ගුවන් යානා සහ නාවික යාත්‍රා භාවිතා කරමින් සැබෑ මුහුදු මෙහෙයුම් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙමඟින් යුධමය පුහුණුවකට පමණක් සීමා නොවී, දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් සහ වෘත්තීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ද මෙමගින් මග පාදයි.

මෙම වාර්ෂික අභ්‍යාසය හරහා ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සහ පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහ ඇමරිකාවට හැකි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...