දුන්හිඳට රු. ලක්ෂ 200ක ආයෝජනයක්!

කොළඹ LNW:දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ බදුල්ල, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (27) සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

වසර 50 කට වඩා පැරණි, දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් වේදිකාව වෙනුවට ඉදිකෙරෙන මෙම නව මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 200 ක ප්‍රතිපාදන ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත.

මෙමගින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් උදෙසා උසස් ප්‍රමිතියෙන් යුතු නැරඹුම් අත්දැකීමක් සහ අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට නියමිතයි.

ඌව පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සහ නැරඹුම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම අවස්ථාව සඳහා සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...