ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මේ වසරේ දැකිය හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ඩෙල්ටා ඇක්වාරිස්ට් උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ දැකිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
මෙය කුම්භ තාරුකා රාශියේ ඇති ඩෙල්ටා ඇක්වාරිස්ට් යන තරුව ආශ්‍රිතව දැක ගත හැකි බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.
පැයකට උල්කාපාත 20-25 අතර ප්‍රමාණය දැකිය හැකියි.
රාත්‍රී කාලය පුරාම මෙය නිරීක්ෂණ කළ හැකි බවද ගිහාන් වීරසේකර මහතා කියා සිටියි.


