සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය ගෝලීය එන්නත් සන්ධානය වන Gavi සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක (ඩොලර් බිලියන 0.6ක) අරමුදල් නිදහස් කරමින් එම මුදල් හරහා World Health Organization (WHO) වෙත කිසිදු රජයේ අරමුදලක් ලබා නොදෙන බවද අවධාරණය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ නවතම පියවර මෙය වන අතර මේ සම්බන්න්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, “එක්සත් ජනපද රජය Gavi හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයට කිසිදු අරමුදලක් ලබා නොදෙන බව නැවතත් තහවුරු කරයි” යනුවෙනි.
මෙම තීරණය, WHO වෙත විශාල මූල්‍ය බලපෑමක් එල්ල කරන පියවරක් ලෙස සැලකෙන අතර, එය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය වැඩසටහන් සඳහාද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, Gavi සඳහා ඩොලර් මිලියන 600ක අරමුදල් නිදහස් කිරීම මඟින් ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල දරුවන්ට එන්නත් ලබාදීම සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබාදීම ඇමෙරිකාවේ අරමුණ බව ද සඳහන් වේ.

