මෙට්‍රෝ බස් සේවාව එළඹෙන සැප්තැම්බර්යේ සිට තවත් පුළුල් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන සේවය තවදුරටත් විධිමත් කරමින් මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගර්ක සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

ආරම්භයේදී මාර්ග දෙකකින් යුක්ත වූ මෙට්‍රෝ බස් රථ සේවාව එළඹෙන සැප්තැම්බරයේ සිට මාර්ග 7ක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතයි.

මෙට්‍රෝ බස් රථ නව මාර්ග පද්ධති තුළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සදහා අද (04) විශේෂ මාධ්‍ය හමුවක්බ ත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියරේ 07 වන මහලේ පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.

ඒ අනුව

CM 01 (නිල් පාට මාර්ගය): මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.

CM 02 (කහ පාට මාර්ගය): මිල්ලෙනියම් සිටි සිට අතුරුගිරිය, මාලඹේ සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.

CM 03: (ඉන්ඩියෝ පාට මාර්ගය) කඩවත සිට මාකුඹුර දක්වා

CM 04 (තැඹිලි පාට මාර්ගය): දෙමටගොඩ සිට පානදුර දක්වා.

CM 05 (දම් පාට මාර්ගය): බත්තරමුල්ල සිට ඒකල දක්වා.

CM 06 (ලා කොළ පාට මාර්ගය): කොල්ලුපිටිය වටරවුම් මාර්ගය

CM 08 (තද කොළ පාට මාර්ගය): කැස්බෑව සිට පිටකොටුව දක්වා

එමෙන්ම මාකුඹුර – කොළඹ කොටුව (කි.මි. 23.3) සහ මාකුඹුර – කඩවත (කි.මි. 34.8) මාර්ග 02 හි සුපුරුදු පරිදි මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කෙරේ.

මෙම මෙට්‍රෝ බස් රථ සේවාව පළමු අදියරේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය කළ ද එළඹෙන 2027 වසරේ දී එය දිවයිනේ අනෙකුත් පළාත්වල නගර වෙත ද ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

එමෙන්ම 2032 – 2035 කාලය වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මගින් සිදු කිරීම ප්‍රධාන අරමුණ වන අතර ඊට සම්බන්ධ වීමට පෞද්ගලික අංශයට ද ඇරයුම් ලර තිබේ.

2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ නංවා 2027 අවසන් වන විට බස් රථ ප්‍රමාණය 272 ක් දක්වා ඉහළ නැංවීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සැලසුම් කර ඇති අතර 2025 අය-වැය යෝජනා අනුව මෙරට පොදු ප්‍රවාහන සේවාව වැඩි දියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු ලොව දියුණු තාක්ෂණය සහිත බස් රථ ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ බස් රථ 104 ක් ආනයනය කෙරිණ.

මෙම මාධ්‍ය හමුවට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගාම් සභාපති යු.පී. තිලකරත්න එහි පුධාන විධායක නිළධාරී බී.එම්. පියතිලක, ඩිජිටල්කරණ හා වෙළඳ කළමනාකරු ඉංජිනේරු අයේෂ්මන්ත මදුරංග යන මහත්වරු එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...