විජය රජුගෙන් ආරම්භ වූ රාජකීය පරපුරේ අවසන් පුරුක එළිසබෙත් රැජිනයි – රනිල්

දෙවැනි එළිසබෙත් රැජිනගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එතෙක් ලංකාව ලෙසින් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව නමින් හැඳින්වීම රැජිනගේ පාලන සමයේදී සිදු වූ අතිශය වැදගත් වෙනස්කම බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.‍

දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකිරීම සඳහා ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

1956 මැතිවරණ ජයග්‍රහණය, වාර්ගික අර්බුදය උත්සන්න වීම, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජය පාලනයට නතුවීම, උතුරේ සහ දකුණේ ආයුධ සන්නද්ධ අරගල ඇතිවීම ඇයගේ පාලන සමයේ සුවිශේෂ සන්ධිස්ථාන ලෙස සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එළිසබෙත් මහ රැජින කිතුනු ලබ්ධිකයෙකු වුවද 1915 උඩරට ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි බුදුදහම ආරක්ෂා කිරීමට කැප වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ශ්‍රී ලංකාවට ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් සමග එක්ව 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඇය පෙරමුණ ගැනීම බොහෝදෙනා නොදන්නා කරුණක් බවයි.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේම සිදු වූ පරිවර්තනය මහ රැජින නියෝජනය කරන අතර ලෝක දේශපාලන බලය බටහිරින් ආසියාවට සහ අප්‍රිකාවට විතැන් වීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසුරුවා හැරීම, බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම වැනි සන්ධිස්ථාන පිළිබඳව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මහ රැජින ස්ථාවරත්වයේ සහ අනුවර්තනයවීමේ සංකේතයක් ලෙස හැඳින්විම වඩාත් නිවැරදි බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

විජය රජුගෙන් ආරම්භ වූ මෙරට රාජකීය පෙළපතේ අවසන් පුරුක වූ දෙවැනි එළිසබෙත් රැජිනට ශෝකය පළකිරීම සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...