සටහන – රුවන් නෙළුගොල්ල
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 15 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ ජනාධිපතිවරයා විසින් හර්ෂ සුරංග මහතා පත්කරන ලදී.


