පොහොර තහනමේ ප්‍රතිඵල එයි – තේ අපනයන ආදායමත් පහත වැටිලා !

Date:

මෙම වසරේ පළමු මාස 08 තුළ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 825 ක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. පසුගිය වසරට සාපේක්ෂව අදාල කාලසීමාව තුළ ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බවියි එම ආයතනය පවසන්නේ.

පසුගිය වසරේ ජනවාරි – අගෝස්තු කාලසීමාව තුළ තේ අපනයනය කිරීමෙන් රටට හිමිව තිබෙන ආදායම ඇමරිකානු ‌ඩොලර් මිලියන 882 කි.

පොහොර හිගය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු අර්බුද කිහිපයක් හේතුවෙන් මෙසේ ආදායම පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙරට තේ වගාවට සෘජුවම බලපෑ අතර කාබනික පොහොර භාවිතයෙන් වී ඇතුළු වෙනත් වගාවන් සිදුකළ හැකි නමුත් තේ වගාවට රසායනික පොහොර අත්‍යවශ්‍ය වේ. වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ රටේ බොහෝ ප්‍ර‌ේදශවල තේ වගාව සඳහා පොහොර භාවිතා කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...