සමාජවාදී තරුණ සංගමය සංවිධාන​යේ විරෝධතාවයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Date:

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සියලු ඡායාරූ​ප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා නිව්යෝක්හි ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා බිහිවේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...