ගල් අඟුරු ආනයනය සඳහා ක්ෂණික මිලදී ගැනීම් ටෙන්ඩර් කැඳවයි

Date:

නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබිණි.

ඒ, එම ටෙන්ඩරය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අධිකරණය හමුවට යාම නිසා එම නීතිමය කටයුතු අවසන් වනතුරු මෙරටට ගල් අඟුරු සැපයීමට නොහැකි බව අදාළ සැපයුම්කරු ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ඒ අනුව, ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ක්ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරයක් ලබන අඟහරුවාදා (27) කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි.

දැනට නොරොච්චෝලේ බලාගාරය සතු ගල් අඟුරු සංචිත ඔක්තෝබර් අවසන් සතිය වනවිට නිමවනු ඇති අතර ඒ වනවිට ගල් අඟුරු ප්‍රමාණවත් පරිදි ආනයනය කරගැනීමට නොහැකි වුවහොත් දිනකට පැය 10 – 12 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවට මහජන උපයෝගීතා කොමිසම අනතුරු හඟවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය