එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය තේරීම් කාරකසභාවක් ඉල්ලීමට සැරසෙයි

ඉතිහාසයේ දැවැන්තම සමුද්‍රීය හානියක් සිදුකළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරට අදාළ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කාරකසභාවක් පත්කරන ලෙස ඉල්ලීමට විපක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම යෝජනාව හෙට (18) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

කොළඹ වරාය ආසන්නයේදී එම නෞකාව ගිනිගෙන මුහුදුබත් වූයේ 2021 වසරේදී ය. එයින් සිදුවූ අතිවිශාල පාරිසරික හා ආර්ථික හානිවලට නිසි පරිදි වන්දි ලබානොගැනීම සහ එහි වගකීම් පැහැර හැරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙසේ තේරීම් කාරකසභාවක් ඉල්ලීමට විපක්ෂය කටයුතු කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...